Saturday, May 4, 2024

General line - 0115112241

චීනය සමඟ ඇතිකරගත් එකඟතා ගැන වතිකානුවට විරෝධයක්




චීනය සමඟ වතිකානුව ඇතිකරගත් එකඟතා ගිවිසුම් සම්බන්ධයෙන් විවේචන මතුවෙමින් ඇති බව වාර්තා වනවා. 
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ගිවිසුම් හේතුවෙන් චීනයේ මානව හිමිකම් බිඳදැමීම් සම්බන්ධයෙන් වතිකානුව කිසිදු විරෝධයක් නොදක්වන බවට චෝදනා නැගෙමින් ඇති බවයි.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින්,  ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද රෝමානු කතෝලික අගරදගුරුවරුන් පත්කිරීම සම්බන්ධයෙන් චීනය හා ඇතිකරගෙන ඇති රහසිගත එකඟත්වය සම්පූර්ණයෙන්ම උචිත එකකැයි තමන් ද නොපිළිගන්නා බව සදහන් කර තිබෙනවා.
 
ඒ අනුව  ලබන ඔක්තෝබරයේ දී අදාළ ගිවිසුම් යළි අලුත් කිරීමට හැකි බව ද උන්වහන්සේ පවසා ඇතැයි සදහන්.

අදාළ ගිවිසුමට චීනය සමඟ වතිකානුව එළඹ තිබුණේ පසුගිය 2018 වසරේ දී වන අතර ඊට අනුව සැම වසර දෙකකට වරක් එය යළි සමාලෝචනය කර දිගු කිරීමට දෙපාර්ශ්වය අතර එකඟත්වයක් පවතිනවා.