Saturday, May 18, 2024

General line - 0115112241

පාකිස්ථාන පන්දු යවන්නන් ගාලු පිටියේ අණසක පතුරවයි




සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වුණා.

දිවා ආහාරය සදහා තරඟය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 80ක් රැස් කර ගෙන සිටියා. නොදැවී කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 12ක් රැස් කරගෙන සිටි අතර ධනංජයද සිල්වා නොදැවී ලකුණු 08ක් ලබා සිටියා.