Saturday, May 11, 2024

General line - 0115112241

තායිවානයට ඩොලර් මිලියන 108 ක යුද උපකරණ විකිණීමට ඇමරිකාවෙන් තීරණයක්




තායිවානය වෙත ඩොලර් මිලියන 108 යුද - තාක්ෂණික උපකරණ විකිණීම සදහා ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේ, තායිවාන ආරක්ෂක අංශ  නවීකරණය කිරීමේ සහ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ ක්‍රියාවලියට සහය පළකිරීමක් ලෙස මෙම යුද තාක්ෂණික උපකරණ අළෙවියට අනුමැතිය පළ කළ බවයි.

එය ඇමරිකාවේ ආර්ථික සහ ආරක්ෂක අභිලාෂයන් හා සමපාත වන බවද ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මෙසේ විකිණීමට අනුමැතිය පළවී ඇති අවිආයුධ අතරට සන්නද්ධ රථ, සැහැල්ලු අවි, යුද උපකරණ පද්ධති,වෙනත් තාක්ෂණික උපකරණ ඇතුළත් වේ.

මේ අතර ඇමරිකාවේ මෙම තීරණය චීනයේ කෝපයට හේතුවිය හැකි බව අන්තර්ජාතික විශ්ලේෂකයන්ගේ අදහසයි.