Saturday, May 18, 2024

General line - 0115112241

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 222කින් නවතී - චන්දිමාල්ගෙන් සටන්කාමී ඉනිමක්




සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 24ක් රැස් කරගෙන සිටියා.

 නොදැවී කඩුල්ලේ රැදී සිටි අසාර් අලී ලකුණු 03ක් ලබා සිටි අතර නායක බාබ(ර්) අසාම් නොදැවී එක් ලකුණක් රැස් කර ගෙන සිටියා. 

ආරම්භක පිතිකරුවන් වන අබ්දුල් ශෆීක් ලකුණු 13කට දැවී ගිය අතර ඉමාම් උල් හක් ලකුණු දෙකකට දැවී ගියා. පන්දු යැවීමේදී කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම කඩුලු 08ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 198ක් පිටුපසින් සිටිනවා. 

ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභායා වූයේ දිනේෂ් චන්දිමාල් ලකුණු 76ක් රැස් කිරීමට සමත් වුණා. චන්දිමාල් මෙම තරඟයේදී වාර්තා කළේ සිය 22වන ටෙස්ට් අර්ධ ශතකයයි. සෙසු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් මහේෂ් තීක්ෂණ ලකුණු 38ක් රැස් කළ අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.