Friday, May 17, 2024

General line - 0115112241

පළමු ඉනිම ශක්තිමත් කළ පාකිස්තාන නායකයාගෙන් ශතකයක්




අසීරු අඩියකට පත්ව සිටි සංචාරක පකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිම ශක්තිමත් කිරීමට එම කණ්ඩායමේ නායක බාබර් අසාම් අද සමත්වුණා. ඒ, ඔහු ලකුණු 119 ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 02 ක් සහ හතරේ පහ 11 ක් ඇතුළත් වුණා.

කෙසේවෙතත් සියලුදෙනා දැවී පකිස්තාන කණ්ඩායමට පළමු ඉනිමට රැස්කර ගත හැකිවූයේ ලකුණු 218 ක් පමණයි. කඩුළු ප්‍රභාත් ජයසූරිය කඩුළු 05 ක් මෙන්ම මහීෂ් තීක්ෂණ සහ රමේෂ් මෙන්ඩිස් කඩුළු 02 බැගින් දවා ගත්තා. කසුන් රාජිතට එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවුණා. 

දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවනවිට එක් කඩුල්ලක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 36 ක්. නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 16 ක් ලබා සිටියදීයි. නොදැවී පන්දුවට පහරදෙන ඕෂධ ප්‍රනාන්දු ලකුණු සහ කසුන් රාජිත ලකුණු 03 ක් රැස්කර ගෙන සිටිනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 222 ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තාන කණ්ඩායම රැස්කළ ලකුණු 218 ට වඩා ලකුණු 40 ක් ඉදිරියෙන් පසුවනවා.