Saturday, May 18, 2024

General line - 0115112241

චන්දිමාල් ගෙන් තවත් සටන්කාමී ඉනිමක්




සංචාරක පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුලු 09ක් දැවී ලකුණු 329ක් රැස් කර සිටියා. 

නොදැවී පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් ලකුණු 86ක් හා ප්‍රභාත් ජයසූරිය ලකුණු 04ක් රැස් කර ගෙන සිටිනවා. කුසල් මෙන්ඩිස් ලකුණු 76යි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 22ක් රැස් කළා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්. ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 218ක් රැස් කළා. ඒ අනුව    ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 333ක් ඉදිරියෙන් සිටිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය හෙටයි.