Friday, May 10, 2024

General line - 0115112241

ලෝකයට කන්න දෙන්න ඉන්දියාවෙන් ඉල්ලීමක්




ආහාර අර්බුදවලට මුහුණ දෙන රටවලට තම පොදු තොගවලින් ආහාර ධාන්‍ය අපනයනය කිරීමට ඉඩ දීම සඳහා නීති ලිහිල් කරන ලෙස ඉන්දියාව ලෝක වෙළඳ සංවිධානයෙන් (WTO) ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලි හි පැවති ආහාර අනාරක්ෂිතභාවය සඳහා ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයකදී  ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන්  මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

එහිදී ඇය කියා සිටියේ  ඉන්දියාවේ කුඩා ගොවීන්  තමන් සතුව ඇති අතිරික්ත ධාන්‍ය වෙළඳාපොළට ඉදිරිපත් කිරීමට බෙහෙවින් කැමැත්තෙන් සිටින බවයි.

ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රමිතීන් අනුව සහනාධාර මිලට ලබාගන්නා ඔවුන්ගේ පොදු තොගවලින් ආහාර ධාන්‍ය අපනයනය කිරීමට රටවලට ඉඩ ලබාදෙන්නේ නැහැ. 

කුසගින්න හෝ ආහාර අනාරක්ෂිත බව අඩු කිරීමට ඉන්දියාවට උපකාර කළ හැකි නමුත් ලෝක වෙළඳ සංවිධානයේ  සීමාවන් හේතුවෙන්  දෙගිඩියාවක් ඇති කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

රුසියා-යුක්රේන ගැටුම සහ දේශගුණික විපර්යාස බොහෝ රටවල ආහාර හිඟයක් ඇති කර ඇති අවස්ථාවක ඉන්දියාව මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක්.