Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ජය පකිස්තානයට




අබ්දුල්ලා ෂෆීක්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 4 කින් ජයගැනීමට සංචාරක පකිස්තාන කණ්ඩායම අද සමත් වුණා. 

දෙවන ඉනිම සදහා අබ්දුල්ලා ෂෆීක් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160 ක්. නායක බාබර් අසාම් ලකුණු 55 ක් රැස් කළා. ඒ අනුව සංචාරක පකිස්තාන කණ්ඩායම පළමු ටෙස්ට් ක්‍රිකට් ජය ගත්තේ කඩුළු 6 ක් දැවී ලකුණු 344 ක් රැස් කර ගනිමින්. තරගයේ පළමුවෙන් පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබාගත්තා. ඊට පිළිතුරු වශයෙන් පකිස්තාන කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 218 ක් පමණයි. 

ඉන් අනතුරුව ලකුණු 4 ක් අතැතිව දෙවනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දෙනා දැවී ලකුණු 337 ක් රැස් කළා. තරගය ජයග්‍රහණය කිරීමට සංචාරක පකිස්තාන කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 342 ක්. ලකුණු 344 ක් රැස්කරමින් සංචාරක පකිස්තාන කණ්ඩායම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 4 ක් අතැතිවයි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ක්‍රිකට් තරගය ලබන 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.