Friday, September 20, 2024

General line - 0115112241

හරීන්ගේ All Blacks ජර්සියට ලක්ෂ 51ක ලන්සුවක් – වෙන්දේසියේ තොරතුරු මෙන්න (PHOTOS)



අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සතුව ඇති නවසීලන්තයේ ලෝක කුසලානය දිනා ගත් රග්බි කණ්ඩායමේ (All Blacks WC team )අත්සන් සහිත ජර්සිය රුපියල් ලක්ෂ 51කට වෙන්දේසි වී තිබෙනවා.

එම මුදලින් කොළඹ ඉසිපතන විදුහලට ක්‍රීඩා පිටියක් ඉදිකර දීම ආරම්භ කිරීමයි ඔහුගේ අරමුණ වී ඇත්තේ.

කොළඹ තුරග තරග පිටියේදී මෙම වෙන්දේසිය පැවැත්වුණු අතර පුද්ගලික සමාගමක් ඒ සඳහා උපරිම ලන්සුව තබා තිබෙනවා.

All Blacks අත්සන් සහිත ජර්සියක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයායි.

හරීන් ඉසිපතන විදුහලට මෙලෙස ආධාර සපයන්නේ ඇයිද යන්න ඇතැමුන් ඔහුගෙන් විමසා ඇත්තේ ඔහු ඉසිපතනයේ ආදී සිසුවකු ද නොවන නිසායි.

හරීන් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ රග්බි පිටියට තරු බිහිකරන ඉසිපතනයට ක්‍රීඩා පිටියක් නොමැතිවීම අභාග්‍යක් නිසා තමන් මෙම පියවර තිබූ බවයි.

h1 h2