Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ පාකිස්ථානය පසුබසී




සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමා වන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටියා. ඒ, පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 07ක් ලකුණු 191ක් තුළ දවා ගනිමින්. 

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 378ක් රැස් කළා.  ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දිනේෂ් චන්දිමාල් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්. පන්දු යැවීමේදී නසීම් ෂා ලකුණු 58කට කඩුලු 03යි. 

ඉන් අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු බින්දුවේදී දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. 

ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේ දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයේදී ශතකයක් වාර්තා කළ අබ්දුල් ශෆීක්. පාකිස්තාන කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ටද වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

අංක 06 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ආගා සල්මන් ලකුණු 62ක් රැස් කළා. පන්දුවෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 42කට කඩු`එ 03යි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 59කට කඩුලු 02ක් දවා ගත්තා. ඒ අනුව, කඩුලු 03ක් අතැතිව සිටින පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 187ක් පිටුපසින් සිටිනවා.