Saturday, May 4, 2024

General line - 0115112241

රුසියාවෙන් යුරෝපයට තවත් ආර්ථික ප්‍රහාරයක්




රුසියාව යුරෝපා රටවලට සිය ප්‍රධාන නල මාර්ගය හරහා සපයන ගෑස් ප්‍රමාණය නැවත වරක් විශාල ලෙස කපා හැරීමට තීරණය කර තිබෙනවා. 

රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ගෑස්පෝ(ර්)ම් ආයතනය පවසන්නේ ගෑස් සපයන ප්‍රධාන නල මාර්ගයේ ටර්බයිනයක නඩත්තු කටයුත්තක් හේතුවෙන් දෛනික ගෑස් නිශ්පාදනය සියයට 20ක් දක්වා අඩු කරන බවයි. 

ඒ අනුව, යුරෝපා රටවලට රුසියාවේ සිට නල මාර්ගයෙන් සපයන ගෑස් ප්‍රමාණය අඩකින් පමණ අඩුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. 

රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජර්මාණු රජය ප්‍රකාශ කර ඇත්තේ ගෑස් සැපයුම සීමා කිරීමට තාක්ෂණික හේතුවන් නොමැති බවයි. රුසියාව සිය බලශක්තිය අවියක් ලෙස යොදා ගනිමින් අයුතු ලෙස භාවිත කරන බවට යුරෝපා සංගමය චෝදනා කර තිබෙනවා.