Monday, May 20, 2024

General line - 0115112241

පාකිස්තාන පළමු ඉනිම ලකුණු 231කට සීමා වෙයි




සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 22ක් රැස් කර ගෙන සිටියා. 

නිරෝෂන් දික්වැල්ල ලකුණු 11ක් රැස් කර ගෙන සිටි අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 08ක් රැස් කර ගෙන සිටියා. ඒ අනුව, සිය දෙවන ඉනිමේ කඩුලු 10ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 169ක් ඉදිරියෙන් සිටිනවා. 

අද දිනය ආරම්භ වන විට කඩුලු 07කට ලකුණු 191ක් රැස් කරගෙන සිටි පාකිස්තාන කණ්ඩායමේ සියලුම පිතිකරුවන් දැවී ගියේ ලකුණු 231කටයි. පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආගා සල්මන් ලකුණු 62ක් රැස් කළා. පන්දුවෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 47කට කඩුලු 05ක් දවා ගත්තා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 80කට කඩුලු 03යි.