Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟයට අඳුර හරස්වෙයි




සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර  පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 176ක් රැස් කර ගෙන සිටියා. අද දිනයේ පාකිස්ථාන කණ්ඩායමේ පළමු ඉනිම අවසන් වුණේ ලකුණු 231කටයි. 

ඒ අනුව කඩුලු 05ක් අතැතිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 323ක් ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකා දෙවනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 35ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 21කට දැවී ගියා. අද දිනට තරඟය අවසන් කරන විට නොදැවී කඩුල්ලේ දැවී සිටි ධනංජයද සිල්වා ලකුණු 30ක් රැස් කරගෙන සිටි අතර නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 27ක් රැස් කරගෙන සිටියා. 

අද දිනයේ අවසන් භාගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරඟය අවසන් කිරීමට සිදු වුණා. ඒ අනුව හෙට දිනයේදී නියමිත වේලාවට වඩා විනාඩි 25කට පෙර තරඟය ආරම්භ කිරීමටයි තරඟ තීරක ජෙෆ් ක්‍රෝ තීරණය කර ඇත්තේ.