Monday, May 20, 2024

General line - 0115112241

දිමුත් ටෙස්ට් ලකුණු 6000 සීමාව පසුකරයි




ශ්‍රී ලංක ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අද ටෙස්ට් ලකුණු 6000 සීමාව පසු කළා. ඒ, සංචාරක පකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි. 

දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුළු 07 ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 297 ක්. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 84 ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 08 ක් රැස්කර ගෙන සිටිනවා. 

දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 61 ක් ලබා සිටියදීයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 378 ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස සංචාරක පකිස්තාන කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 231 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, පකිස්තාන කණ්ඩායමට වඩා මේවනවිට ලකුණු 444 ක් ඉදිරියෙන් සිටිනවා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දෙරට අතර පැවැත්වෙන දෙවන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.