Monday, May 20, 2024

General line - 0115112241

පාකිස්ථානයට ලකුණු 506ක ඉලක්කයක්




දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට නම් කඩුළු 09 ක් අතැතිව සිටින සංචාරක පකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 419 ක් රැස් කළ යුතු වනවා.  

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත වේලාවට පෙර තරගය අද නතර කෙරුණා. ඒ වනවිට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක පකිස්තාන කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 89 ක්. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 378 ක් රැස් කළා. කඩුළු 08 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත්හිටවනු ලැබුවා. පකිස්තාන කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 231 ක් පමණයි. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේ 05 වන සහ අවසන් දිනය හෙටයි.