Monday, May 20, 2024

General line - 0115112241

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසීය ශ්‍රී ලංකා පිලට




සංචාරක පකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසී අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ සමත් වුණා. ඒ, පකිස්තාන දෙවන ඉනිමේ කඩුලු 04ක් දවා ගනිමින්. 

ඊයේ දිනය නිමා වන විට පකිස්තාන කණ්ඩායම සිය දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් රැස් කරගෙන සිටියා. කෙසේ වෙතත් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සබදතාවක්ද, තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 79ක සබදතාවක්ද ගොඩ නැගීමට පකිස්තාන පිතිකරුවන් අද පෙරවරුවේ සමත් වුණා. 

කෙසේ වෙතත් දිවා ආහාරයට පෙර යැවූ අවසන් පන්දුවාර 06 තුළ පකිස්තාන දෙවන ඉනිමේ කඩුලු 03ක් ලකුණු 12ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වීමත් සමඟ දැන් තරඟයේ පාලනය පවතින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවයි. පකිස්තාන නායක බාබර් අසාම් නොදැවී ලකුණු 76ක් රැස් කරගෙන සිටිනවා. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් දවා ගත්තා.

තරඟය ජය ගැනීමට පකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 508ක්. දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පකිස්තානය කඩුලු 05ක් දැවී ලකුණු 188ක් රැස් කරගෙන සිටිනවා.