Friday, May 3, 2024

General line - 0115112241

පොදුරද මඩුලු ක්‍රීඩා පිටියේදී ඉතිහාසයට එක් වූ නෙත්මි දිවයිනට

ටී කේ ජී කපිල




එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා පෝරුතොට අද අලුයම දිවයිනට පැමිණියා. 

ඇය පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර නෙත්මිගේ මව්පියන් ඇතුළු ඥාතීන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.

සිය ජයග්‍රහණය පිටුපස සිටි පිරිස පිළිබදව ඇය එහිදී සිහිපත් කළේ මෙලෙසයි.

නෙත්මි අහිංසා හිමිකර ගත් එම පදක්කම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලෙකදී මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දිනාගත් පළමු පදක්කම ලෙසයි ඉතිහාසයට එක් වුණේ. 18 වන වියේ පසුවන නෙත්මි එම ජයග්‍රහණයත් සමග පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලෙකදී පදක්කමක් දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙසද වාර්තා අතරට එක් වුණා.