Sunday, April 28, 2024

General line - 0115112241

දකුණු කොරියාවට හදිසි ගංවතුර තත්ත්වයක්




 දකුණු කොරියාවේ සෝල් අගනුවරට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විවිධ ආපදා හේතුවෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජල ගැලීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට වසර 80 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය ඊයේ දිනයේ ලැබී ඇති බවයි දකුණු කොරියානු කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ.