Monday, May 6, 2024

General line - 0115112241

අරගලකරුවන් ගාලු මුවදොරින් අද සිට ඉවත්වීමේ තීරණයක




අරගලකරුවන් ගාලු මුවදොර භූමියෙන් අද සිට ඉවත් වන බව අරගලයේ ක්‍රියාකාරිණියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. ගාලු මුවදොර අරගල භූමියේ අද පැවති විරෝධතාවයකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා. 

මේ අතර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සංවිධාන කළ පා ගමනක් කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසල සිට නිදහස් චතුරස්‍ර පරීශ්‍රය දක්වා පැවැත්වුණා. එහිදී පුරවැසි ආඥාවක්ද නිකුත් කෙරුණා. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ එහිදී අදහස් දැක්වුවේ මෙලෙසයි. 

මේ අතර පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුම අසලදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද නිහඩ විරෝධතාවයක් පැවැත්වුණා. ඒ, රාජ්‍ය මර්ධනය නතර කරන ලෙස සහ හදිසි නීතිය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම විරෝධතාවට එක්ව සිටියා.