Monday, May 6, 2024

General line - 0115112241

බස් ගාස්තු වැඩියෙන් අය කලොත් වැඩ වරදියි




සංශෝධිත බස් ගාස්තුවලට වඩා වැඩි බස් ගාස්තුවක් අය කරන බස් රථ සේවකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ ඉකුත්දා සිදු කෙරුණු මිල සංශෝධනයට අනුගත නොවෙමින් ඇතැම් පුද්ගලික බස් රථවලින් වැඩි මුදලක් ලබා ගන්නා බවට මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

සංශෝධිත බස්ගාස්තු බස්රථයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.