Monday, May 6, 2024

General line - 0115112241

විදුලි ගාස්තු සංශෝධනයේදී සමාජ සාධාරණත්ව මූලධර්ම උල්ලංඝනය වී ඇති බවට චෝදනා




විදුලි ගාස්තු සංශෝධනයේදී සමාජ සාධාරණත්ව මූලධර්ම උල්ලංඝණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් මත වැඩි බරක් පටවමින් නව මිල සංශෝධනය සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

ඉහළ දැමූ විදුලි බිල දරා ගැනීමට නොහැකි පිරිස් සඳහා සහනාධාරයක් හෝ ඒ සඳහා වෙනත් විකල්ප පියවරකට ආණ්ඩුව අවතීර්ණ විය යුතු බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

ජනතා  විමුක්ති පෙරමුණ ද විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ එම පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස. 

මේ අතර ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හානි නොවන ලෙස පුණර්ජනනීය බලශක්තිය මත පදනම් වී බලශක්ති අර්බුදය ජය ගන්නා වූ ජාතික ප්‍රතිපත්තියක් වහා එළිදැක්විය යුතු බව විජයධරණී ජාතික සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ කරුණු 16 කින් යුත් යෝජනාවලියක් ඒ සඳහා ඉදිරිපත් කර තිබෙනවා. වහල මත දස ලක්ෂයක් මත සෝලා පැනල් ඉදිකිරීම සඳහා සියලු බදු ඉවත්කොට ඒ සඳහා වහාම අවස්ථාව ලබාදිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යෝජනා කර ඇති කරුණු අතරට ඇතුළත්. 
එය ක්‍රියාත්මක කිරීමෙන් මෙගා වොට් 1000 ක් පමණ ලබාගත හැකි බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.