Sunday, April 28, 2024

General line - 0115112241

ක්‍රයිමියාව රුසියාවට නොදෙන බවට යුක්රේනයෙන් ප්‍රකාශයක්




ක්‍රයිමියාවෙන් ආරම්භ වුනු යුද්ධය එහි නිදහසත් සමග අවසන් විය යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ක්‍රයිමියාවේ පිහිටි රුසියානු ගුවන් හමුදා කඳවුරක දැවැන්ත පිපිරීමක් සිදුවීමෙන් අනතුරුවයි. කෙසේවෙතත් යුක්රේන ජනාධිපතිවරයා අදාළ පිපිරීම  සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ. නමුත් ඔහු සඳහන් කළේ ක්‍රයිමියාව යනු යුක්රේනයේ කොටසක් බැවින් එය අත්නොහරින බවයි.   

කෙසේවෙතත් රුසියානු ගුවන් හමුදා කඳවුරෙහි හටගත් පිපිරීමට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි යුක්රේනය පවසන්නේ. එමෙන්ම එය ප්‍රහාරයක් නොවන බව රුසියාව ද සඳහන් කළා. කෙසේවෙතත් හමුදා කඳවුර තුළ පිපිරීම් 12 ක් පමණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

ක්‍රයිමියාවේ නිල හිමිකාරිත්වය දරන්නේ යුක්රේනය වුවත් 2014 දි සිදුකළ ආක්‍රමණයකින් අනතුරුව රුසියාව ක්‍රයිමියාවේ බලය අල්ලා ගත්තා. එය සැලකෙන්නේ යුක්රේන යුද්ධයේ ආරම්භය ලෙසයි.