Sunday, May 5, 2024

General line - 0115112241

නිකිණි පුරපස්ලොස්වක පෝදා නෙත් ශ්වේත පූජා අද දවස පුරා




නිකිණි පුරපස්ලොස්වක පොහෝ දිනය අදයි. පෙරවස් සමාදන්වීමට නොහැකි වූ උපසම්පදා භීක්‍ෂුන් වහන්සේ පසුවස් එළඹෙන පොහොය, නිකිණි පුරපසලොස්වක පොහොයයි. ඒ ඇතුළු තවත් ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් දිනක සිදුව ඇති බවයි කොළඹ මහානාම විiාලයේ ආචාර්ය, කොළොන්නාව පුරාණ විහාරවාසී, පූජ්‍ය සියඹලාගොඩ ධම්මින්ද හිමියන් පැවසුවේ.

පවතින පීඩාකාරී තත්ත්වය හමුවේ මානසික සුවතාවය ලබාගැනීමට අද දින සියලු දෙනාටම අවස්ථාව පවතින බවයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන අද දවස පුරා නෙත් එෆ් එම් රේඩියෝව හරහා ප්‍රචාරය කෙරෙනවා. නෙත් එෆ් එම් රේඩියෝව ශ්‍රවණය කිරීමෙන් එම පිංකම් මාලාවට ඔබට නිවෙස් සිට එක් විය හැකියි.