Sunday, April 28, 2024

General line - 0115112241

"රකුසා" ප්‍රංශය දවයි




දැවැන්ත ලැව් ගිනි තත්ත්වයක් හේතුවෙන් ප්‍රංශයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මෙම ලැව් ගින්න නම් කර ඇත්තේ "මොන්ස්ටර්" හෙවත් රකුසා යන නමින්. ලැව් ගින්න හේතුවෙන් මේ වන විටත් ප්‍රංශයේ නිරිත දිග කොටසේ විනාශයට පත්ව ඇති භූමි ප්‍රමාණය අක්ක්ර 17,300ක්. පුද්ගලයින් දසදහසකට දැනටමත් උන්හිටිතැන් අහිමි වී අවසන්. 

ලැව් ගිනි පාලනය කිරීම සඳහා දහසකට අධික ගිනි නිවන බටයින් පිරිසක් එක්ව සිටිනවා. කෙසේ වෙතත් තද සුළං සහ අධික උෂ්ණත්වය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රංශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා ඉහල යනු ඇති බවටද අපේක්ෂිතයි. 

මෙම ග්‍රීස්ම සෘතුවේදී ප්‍රංශයේ මෙන්ම තවත් යුරෝපා රටවල් ගණනාවකම ලැව් ගිනි ඇති වුණා. ඒ, අධික උෂ්ණත්වය හේතුවෙන් පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ පමණක් අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගොස් ඇති සංඛ්‍යාව දහසකට අධිකයි.