Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රධාන අපරාධ කල්ලි සාමාජික හරක් කටා ඩුබායිහිදී අත්අඩංගුවට




නඳුන් චින්තක නොහොත් “හරක් කටා” නමැති ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයා ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. ඒ, මැලේසියාව බලා යාමට සූදානම්ව සිටියදීයි. 

හරක් කටාට අමතරව ඔහුට සහය දක්වන තවත් කිහිපදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ අතරට ඔහුගේ බිරිඳද අයත්. වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරක් මත බවයි. 

හරක් කටා යනු මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ද වනවා. ඉකුත් සමයේ මෙරටදී සිදුවූ වෙඩි තැබීම් කිහිපයකටම ඔහුගේ සම්බන්ධයක් ඇත‘ි බවටයි ප්‍රකාශ වුණේ. ගල්කිස්සෙ සහ අහංගම සිදුවූ වෙඩි තැබීම්ද ඒ අතරට අයත්.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නෙත් නිවුස්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ හරක් කටා අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරු මේ වන තෙක්  ශ්‍රී ලංකා පොලීසියට ලැබී නොමැති බවයි.