Sunday, May 5, 2024

General line - 0115112241

හෙට පෞද්ගලික බස් රථ සියයට 90 ක් ධාවනයට




හෙට සිට සතියේ දින පහේම පාසැල් කාලය තුලදී විෂය නිර්දේශ කටයුතු පමණක් සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පෙරවරු 07 යි 30 සිට පස්වරු 01 යි 30 දක්වා සාමාන්‍ය පරිදි හෙට සිට පාසැල් පැවැත්වෙන බවයි. 

මේ අතර සතියේ දින පහේ පාසල් පැවැත්වීම සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ අවම වශයෙන් සියයට 90 ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. 

කෙසේවෙතත් ලංගම ඩිපෝ නොමැති ප්‍රදේශවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබාගැනීමට විකල්ප වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් විසදුම් නොලැබුණු බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. 

ඒ අනුව බස් රථ සේවාව අඛණ්ඩව ලබාදීම සදහා බලධාරීන් පවතින ගැටළුවට  කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.