Sunday, May 5, 2024

General line - 0115112241

රුපියල් 15 ක් වූ සාමාන්‍ය තැපෑල අද සිට 50 ක් වෙයි




සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත්  නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

තැපැල් සේවාවන් නවීකරණය කිරීමට අදාල යෝජනා මේ වනවිට අදාළ පාර්ශව වෙත ඉදිරිපත් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. නව තැපැල් ගාස්තු සංශෝධනයත් සමග නව සේවා කිහිපයක්ද හදුන්වා දී ඇති බව නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සදහන් කළා.

වර්තමානයේ  මහජනතාව සාමාන්‍ය ලිපි තැපෑල භාවිතය අවම වී තිබෙනවා. එම සේවාව යටතේ ලැබෙන මුළු ලිපි ප්‍රමාණයෙන් සියයට 95 කට වැඩි ප්‍රමාණයක් යොමු කරනු ලබන්නේ ව්‍යාපාරික හා රාජ්‍ය අංශයෙන් බවයි තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ලිපියක් සදහා වැයවන පිරිවැය රුපියල් 49 යි ශත 80 ක් පමණ වන බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.