Monday, May 20, 2024

General line - 0115112241

විෂ එන්නත ගැන පුනරුත්තාපන කොමසාරිස්ගෙන් අභියෝගයක්




පුනරුත්තාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට විෂ එන්නත් කර ඇති බවට පළ වන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කිසියම් පාර්ශ්වයක් එවැනි චෝදනාවක් කළ පමණින් එය සත්‍යයක් නොවන බවයි.

චෝදනා කරන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බවද පුනරුත්තාපන කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කියා සිටියා.

උතුරු පළාත් සභාව හෝ වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කරන මෙම චෝදනා හේතුවෙන් අගතියට පත්වන්නේ පුනරුත්තාපනයට පත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ම බවයි ඔහු අවධාරණය කළේ.

රජයේ වැඩපිළිවෙළ යටතේ පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සංඛ්‍යාව දොළොස්දහසක්. එම සියලූදෙනාටම මෙම චෝදනා හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදුවන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

නෙත් නිවුස් ඔහුගෙන් මෙවැනි ප‍්‍රශ්න කිරීමක් සිදු කළේ පුනරුත්තාපනය වූ හිටපු එල් ටී ටි ඊ සාමාජිකයින්ගේ තොරතුරු සහ වෛද්‍ය වාර්තා එක්රැස් කිරීමට උතුරු පළාත් සභාව තීරණය කිරීම හේතුවෙන්.