Monday, April 29, 2024

General line - 0115112241

වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට




අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව වසන්ත මුදලිගේ ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවති විරෝධතා ගමන විසුරුවා හැරීමට පොලිසිය විසින් කොළඹ, යුනියන් පෙදෙසේදී කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.