Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් එක්කරමින් ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයට




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරඟයද ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ඊයේ රාත්‍රියේ ජය ගත්තා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 127ක්. 

මොසඩෙක් හොසේන් පන්දු 31ක් තුළ නොදැවී ලකුණු 48ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මුජීබ් රහ්මන් සහ රශීඩ් කාන් කඩුළු 03 බැඟින් දවා ගත්තා. 

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 131ක් ලබා ගනිමින් තරඟය ජය ගත්තා. නජිබුල්ලා ශද්‍රාන් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 43ක්. පන්දු 17කට මුහුණු දුන් ඔහුගේ ඉනිමට 06 පහර 06ක් සහ එක් 04 පහරක් ඇතුලත් වුණා. 

ඒ අනුව, අෆ්ගනිස්ථානු කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරඟය බංග්ලාදේශය ජය ගත්තේ නම් ශ්‍රි ලංකාව සුපිරි සිව් දෙනාගේ වටයට තේරීමට නම්  හෙට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරඟයෙන් ශ්‍රී ලංකාව  වැඩි පරතරයකින් ජය ගත යුතුව තිබුණා. එහෙත් ඇෆ්ගනිස්ථානයේ මෙම ජයග්‍රහනයත් සමඟ හෙට පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකාව ජය ගත හොත් සුපිරි සිව් දෙනාගේ වටයට ඇතුලත්වීමේ හැකියාව පවතිනවා.