Monday, May 20, 2024

General line - 0115112241

යාපනයේ දැරියක් අභිරහස් ලෙස මරුට




යාපනය කයිට්ස් කරෙයිනගර් ප‍්‍රදේශයේ ලිඳක තිබී 15 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ශන්මුගරාජා ද්වාරකා නැමැති මෙම දැරිය ඉකුත් 13 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව කයිට්ස් පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා. එහිදී දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක ඇති ලිඳක තිබී දැරියගේ මළ සිරුර සොයා ගැනුනා. මෙය ඝාතනයක්ද යන්න සෙවීම සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.

ඉකුත් 2015 වසරේ මැයි මස 13 වනදා කයිට්ස් පුංකුඩිතිවු ප‍්‍රදේශයේදී විද්‍යා නැමැති පාසල් දැරිය සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 09 දෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.