Saturday, May 4, 2024

General line - 0115112241

පළමු දිනයේම ඉහළ පාඨක ප්‍රතිචාර - කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කාලය අද සිට පැයකින් දීර්ඝ කෙරේ




23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. පළමු දිනයේම ලැබුණු ඉහළ පාඨක ප්‍රතිචාර හේතුවෙන් ප්‍රදර්ශනය මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙන කාලය අද සිට රාත්‍රී 08 දක්වා දීර්ඝ කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප්‍රදර්ශන භූමියේ නෙත් එෆ් එම් රේඩියෝවේ විශේෂ කුටියක් ස්ථාපිත කර තිබෙනවා. එහිදී අවශ්‍යතා සහිත පාසල් වෙත පුස්තකාල ඉදිකිරීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහනක් ද ක්‍රියාත්මක වනවා. අලුත් පොතක් පරිත්‍යාග කර ඒ සඳහා ඔබටත් දායක විය හැකියි.