Monday, May 6, 2024

General line - 0115112241

මුදල් හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශවලට වැඩබලන අමාත්‍යවරුන් පත් කෙරේ




වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පත් කිරීම සිදුකර ඇත්තේ අද සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත මෙරටට පැමිණෙන තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ පත් කිරීම සිදුකර තිබෙනවා. 

මේ අතර වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස එම විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා වන දිලුම් අමුණුගම පත් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. අද සිට ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණෙන තෙක් එම පත්වීම බලාත්මක බවයි එම අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ අවමංග්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව ගියේ අද අලුයමයි.