Sunday, May 5, 2024

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනයට අදත් මහ සෙනගක්




23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. අද උදෑසන සිටම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල වශයෙන් පාඨකයින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සදරුවන් බටගොඩගේ සමගින්. 


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් වෙත පුස්තකාල ඉදිකිරීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක වනවා.

ඒ සඳහා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටිය වෙත පැමිණ අලුත් පොතක් පරිත්‍යාග කිරීමට ඔබටත් හැකියි. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාඨකයින් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.