Saturday, May 4, 2024

General line - 0115112241

පාතාලය සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි




යළි හිස ඔසවා ඇති පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පියවර ගන්නා බව පවසනවා. දඹුල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු සදහන් කළේ රටේ නීතිය සියලු දෙනාට එක ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි.  

මේ අතර පවතින අර්බුදවලින් රට ගොඩ ගැනීමට කෙටි මාර්ග නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. කොතෙකුත් දුෂ්කර වුවද ඒ සදහා දීර්ඝ කාලීන විසදුම් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩිදුරටත් පැවසුවේ. 


කාංචන කුමාර