Sunday, May 5, 2024

General line - 0115112241

ගල්කිස්ස අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හදුනාගැනීමට පොලීසිය මහජන සහය පතයි




ගල්කිස්ස අධිකරණය තුළ ඉකුත් දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හදුනාගැනීමට මහජන සහය අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා.  

සිද්ධියට අදාල සීසීටීවී දර්ශන ද මාධ්‍යයට නිකුත් කර ඇති අතර එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනොගේ මුහුණුවලට සමාන ලෙස අදින ලද චිත්‍ර දෙකක් ද මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, 011 2 717 516 හෝ 071 859 16 64 යන අංකවලට දැනුම්දිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.