Sunday, May 5, 2024

General line - 0115112241

මේ වසරේ ආනයනික සහල් පිළිබද කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ - වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්ගෙන් ප්‍රකාශයක්




මේවනවිට වෙළදපොළේ පවතින ආනයනික සහල් තොග පිළිබද කිසිදු පරීක්ෂණයක් තවමත් සිදු කර නොමැති බව පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය පවසනවා.

එමනිසා දැනට වෙළදපොලේ පවතින ආනයනික සහල් තොගවල විෂ රසායන පවතිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැක්කේ ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව බවයි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර ප්‍රකාශ කළේ.

වෙළදපොළේ පවතින ආනයනික සහල්වල විෂ රසායනික අඩංගු බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා මෙම අදහස් පළ කළා.    

ආනයනික සහල්වල විෂ රසායන අඩංගු බවට 2017 වසරේ සිදු කළ පර්යේෂණ වාර්තාවක් ඇසුරෙන් එම මාධ්‍ය වාර්තා පළ කර ඇති බවයි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා සදහන් කළේ.

කෙසේවෙතත් එම පර්යේෂණ වාර්තාවේ තොරතුරු ද වැරදි ලෙස මෙම මාධ්‍ය වාර්තාවල සදහන් කර ඇති බවයි වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර වැඩිදුරටත් සදහන් කළේ.