Friday, May 10, 2024

General line - 0115112241

තායිවානයේ ආරක්ෂාව ගැන අමෙරිකාවෙන් සහතිකයක්




අමෙරිකාව විසින් තායිවානය ආරක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

විදෙස් මාධ්‍යක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති බයිඩ්න් පැවසුවේ තායිවානය ඉලක්ක කර චීනයෙන් පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල වුවහොත් එම අවස්ථාවේදී අමෙරිකාව, තායිවානය ආරක්ෂා කරන බවයි.

එහිදී සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් විමසා සිටියේ අමෙරිකානු හමුදාව විසින් තායිවානය ආරක්ෂා කරන්නේ ද යන්නයි.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ඔව් යනුවෙන් පිළිතුරු ලබාදී තිබෙනවා.

තායිවානය සම්බන්ධයෙන් අමරිකාවේ ප්‍රතිපත්තිය කිසිදිනෙක වෙනස් නොවනු ඇති  බව ද  ජනාධිපති ජෝ බයිඩ්න් එහිදී සඳහන් කළා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තායිවානයේ හමුදාමය මැදිහත්වීමක් සම්බන්ධයෙන් ඉගි පළ කළ තුන්වන අවස්ථාව මෙය වෙනවා

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් තායිවානයට පැමිණීම හා දෙරටේ අවිගනුදෙනු සම්බන්ධයෙන් චීනය දැඩිව කෝපයට පත්ව සිටින පසුබිමක් තුළයි.