Saturday, April 20, 2024

General line - 0115112241

සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට සුදානම් වෙයි




සිය සාමාජිකයින් ලබන 23 වනදා සිට දිනක සේවා කාලය පැය 8 කට සීමා කරන බව සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එම් අයි ඩබ්ලිව් පීරිස් මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ රාජකාරී වේලාවෙන් අමතරව සිදුකරන රාජකාරී සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දමන ලෙසට බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් සිය සංගමය මෙම ක්‍රියාමාර්ගයට එළඹි බවයි.

සිය කාර්යමණ්ඩලය රාත්‍රී කාලයේ රාජකාරීවලින් බැහැරවීමෙන් රක්ෂිතවලට මෙන්ම ජනතාවට ද බලපෑම් එල්ලවිය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.