Monday, May 6, 2024

General line - 0115112241

පේරාදෙණියේ සරසවි ගැටුමට සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට




පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආපන ශාලාවක් තුළ සිසුන් දෙපිරිසක් අතර සිදු වූ පහරදීමට සම්බන්ධ සිසුන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම සිසුන් පේරාදෙණිය පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුවයි.

එලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් සිසුන් දෙදෙනෙකු බවයි පොලීසිය පැවසුවේ. ඔවුන් කලා පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන තල්එළිය, අම්බලංගොඩ හා තුන්මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර හටගත් නවකවද සිද්ධිය දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබෙනවා. එහිදී සිසුන් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.