Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 07 වන දිනය අදයි




ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 23 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 07 වන දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එම ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනයේද විශාල පිරිසක් එක්ව සිටියා.

පාසල් සිසුන්, වෘත්තිකයන්, දේශපාලඥයින් ඇතුළු බොහෝ පිරිසක් ඊට අයත්. ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටියට පැමිණීමට ද ප්‍රදර්ශනයට නැරඹීමට පැමිණෙන බොහෝ පිරිසක් අමතක කරන්නේ නැහැ. එලෙස පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, අදහස් පළ කළේ මෙලෙසයි. 

අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කරන නෙත් එෆ් එම් සමාජ සත්කාර වැඩසටහනට ද ඊයේ දිනයේ බොහෝ පිරිසක් අලුත් පොත් ලබාදීමෙන් දායක වුණා. ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් විශේෂ කුටියට එලෙස පොත් ලබාදීමෙන් අනතුරුව කිහිපදෙනෙකු අදහස් පළ කළා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නෙත් එෆ් එම් රේඩියෝව නිල රේඩියෝ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.