Saturday, May 4, 2024

General line - 0115112241

ගජමුතු 02 ක් කෝටි 02 කට අලෙවි කිරීමට තැත් කළ නාවික හමුදා සෙබළෙකු ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට

මහේෂ් කීර්තිරත්න




ගජමුතු 02 ක් රුපියල් කෝටි 02කට විකිණීමට තැත් කළ නාවිකා හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මාතලේ, නාඋල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ යුධ හමුදා බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව මාතලේ කොට්ඨාශ දුෂණ මර්දන අංශයේ නිලධාරින් සමග සිදුකළ වැටලිමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව, කුණ්ඩසාලේ, ගුරුදෙණීය හා බිංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. සැකකරුවන් හට ගජමුතු ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා.