Sunday, May 5, 2024

General line - 0115112241

IMF බ්‍රිතාන්‍යයට අනතුරු අගවයි




බ්‍රිතාන්‍යය මුහුණ පාමින් සිටින ආර්ථිකය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍යය රජය යෝජනා කර ඇති බදු කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන එල්ල කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඒ හරහා රටේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමට හේතු නිර්මාණය විය හැකි බවයි. 

බ්‍රිතාන්‍යයේ ආර්ථීක අර්බුදය මේවනවිටත් එරට වෙළඳපල ගනුදෙනු සඳහා දැඩි බලපෑම් එල්ල කර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස වාර්තාගත ලෙස අයුරින් මේවනවිට ස්ටර්ලින් පවුමේ අගය ද පහත වැටී තිබෙනවා. අද දිනයේදී ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුමේ අගය සියයට 0 යි දශම 7 කින් පහත වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

බ්‍රිතාන්‍යය චාන්සලර් ක්වාසි ක්වාර්ටෙන්ග් විසින් වසර 50 කට පසු රටේ විශාලතම බදු පැකේජය ඉකුත් සිකුරාදා එළිදක්වනු ලැබුවා. එහෙත් පවුම් බිලියන 45 ක බදු කප්පාදුව හමුවේ පොලී අනුපාත සමඟ රජයේ ණය ගැනීම් ද ඉහළ යා හැකි බවටයි මේවනවිට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අගවා ඇත්තේ.