අඩු මුදලකට ගල් අගුරු සැපයීමට යම් සමාගමක් ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට තවමත් අවස්ථාව පවතින බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
දින 30 ක් තුළ ගල් අගුරු ආනයනය කිරීමට ඉදිරිපත් වී ඇති සමාගම්වලින් මිලදී ගැනීම් සිදුකරන්නේ නම් අවම මිලකට ගල් අගුරු ලබාගැනීමේ හැකියාව පවතින බවට විදුලිය භාවිත කරන්නන්ගේ සංගමය ඉකුත්දා ප්රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
මේ අතර දැනට සිදුවන දෛනික විදුලි කප්පාදුව තවත් බොහෝ කාලයක් පවතිනු ඇති බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙම විදුලි කප්පාදුව අවසන් වන්නේ මෙරට විදුලි පද්ධතියට නව බලාගාර එක්වීමෙන් අනතුරුව බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සදහන් කළේ.