Sunday, May 19, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ගල් අගුරු ටෙන්ඩරයට සම්බන්ධ පාර්ශ්ව කෝප් කමිටුවට කැදවීමේ තීරණයක්




ආන්දෝලනාත්මක ගල් අගුරු ටෙන්ඩරය පිළිබද සොයා බැලීම සදහා ඊට සම්බන්ධ වූ පාර්ශ්ව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැදවීමට තීරණය කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතිත්වයෙන් ඊයේ රැස්වූ පළමු කෝප් කමිටු රැස්වීමේදීයි.

එහිදී ආන්දෝලනාත්මක ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අලුත්ගමගේ, අනුර කුමාර දිසානායක සහ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.