Monday, May 6, 2024

General line - 0115112241

යුක්‍රේන ආක්‍රමණයට එරෙහි ඡන්දයේදී රුසියාව පරදී




රුසියාව විසින් යුක්‍රේනයේ කලාප 4 ක් ඈදා ගැනීම හෙළා දකිමින්  ඉදිරිපත් වූ යෝජනාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සාමාජික රටවල් සිය ඡන්දය ප්‍රකාශ කළා. එහිදී රටවල් 143 ක් රුසියාවේ ක්‍රියාකලාපය හෙළා දකිමින් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසු ඊට අදාලව පැවැති ඡන්ද විමසීමකදී රටවල් වැඩිම ප්‍රමාණයක් රුසියාවට එරෙහිව නැගී සිටි අවස්ථාව මෙය බවයි. 

කෙසේවෙතත් චීනය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 35ක් යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම රුසියාව, බෙලරූස් රාජ්‍යය, උතුරු කොරියාව සහ සිරියාව මෙන්ම නිකරගුවා රාජ්‍ය යෝජනාවට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රුසියාවට එරෙහි වීම සම්බන්ධයෙන් ලොව රටවලට ස්තූතිය පල කරන බවයි යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ. ඡන්ද විමසීම හරහා රුසියාවට පැහැදිලි පණිවිඩයක් ලබා දී ඇති බවත් ඔවුන් ලෝකයෙන් හුදෙකලා වී ඇති බවත් අමෙරිකාව ප්‍රකාශ කළා. රුසියාව සටන්බිමේදී මෙන්ම එක්සත් ජාතීන් හමුවේද පරාජයට පත්ව ඇතැයි බි්‍රතාන්‍යය පවසා තිබෙනවා.