Tuesday, April 30, 2024

General line - 0115112241

අධිකරණ ඇමති, අන්තිම කැමති පත්‍රයටත් සංශෝධනයක් ගෙන එයි




අන්තිම කැමති පත්‍රය 05 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කරන ක්‍රමවේදය හඳුන්වාදීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ, පනත් කෙටුම්පත් 05 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණු පනත් 05 සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.