Tuesday, April 30, 2024

General line - 0115112241

අලුත් බදු නිසා IT ක්ෂේත්‍රයේ පිරිස් රට හැර යන ලකුණු




තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට මෑතකදී පැනවූ බදු හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා. එහි සභාපති දමිත් හෙට්ටිහේවා පැවසුවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සියයට 30ක පමණ බද්දක් හදිසියේ පැනවීමෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පුද්ගලයින්ගේ ජීවන රටාව වෙනස් වන බවයි. 

මෙම තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියේදී අත්කර ගැනීමට අපේක්ෂිත අපනයන ඉලක්ක සපුරාගැනීමට නොහැකි වනු ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක සමාජයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ. 

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ලෙස බලාපොරොත්තු වන්නේ කුමක්ද? මේ,    ශ්‍රී ලංකා පරිගණක සමාජයේ සභාපති දමිත් හෙට්ටිහේවා.

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඉකුත් සමයේ පිබිදීමක් පෙන්නුම් කළා. ඒ, තරුණ පාර්ශ්ව ඇතුළු බොහෝ පිරිසක් අන්තර්ජාල ව්‍යවසායකත්වය පිළිබද දැක්වූ දැඩි උනන්දුව හේතුවෙන්. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් මේවනවිටත් ඩොලර් ආදායම් උපයමින් සිටිනවා.