Tuesday, April 30, 2024

General line - 0115112241

වාද විවාද, බෙදීම් මැද 22 ගැන විවාදය අද




22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනෙනවා. එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම සිකුරාදා පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද විවාදයට ගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අතර පවා මතභේද පවතින පසුබිමකයි. ඊට ආසන්නතම හේතුව වූයේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එම කෙටුම්පතේ සඳහන් වීමයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්ගෙන් නෙත් නිවුස් කළ විමසීමකදි පැවසුවේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහය දිය නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාටද දැනුම්දී ඇතැයි වාර්තා වනවා. 

කෙසේවෙතත් ආණ්ඩුව විසින් ගෙන එන යෝජනාවක් පරාජය කිරීමට ආණ්ඩුවේම පාර්ශවලට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ. 

එකග වූ ආකාරයට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ නම් ඊට සහය දෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව, නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පැවසුවේ. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම.

සමගි ජනබලවේගයෙන් කළ විමසීමකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේ කොන්දේසි ගණනාවකට යටත්ව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබා දෙන බවයි. 

උත්තර ලංකා සභාගය ද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබාදෙන බව එය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පැවසුවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ස්ථාවරය පිළිබදවද නෙත් නිවුස් විමසීමක් කළා. මේ, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය.

කෙසේවෙතත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ සැබෑ අරමුණු පිළිබද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පළ කළේ මෙවන් අදහසක්.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණේ ඉකුත් පාර්ලිමේන්තු රැස්වීමේදීයි. එහෙත් එය අද සහ හෙට දක්වා කල් දැමුණා.