Tuesday, April 30, 2024

General line - 0115112241

දුම්රියෙන් යන පිරිස වැඩිවෙයි -කාලසටහනත් වෙනස් වෙයි




මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරෙන කාර්යාල දුම්රිය, නව කාලසටහන යටතේ අද සිට ධාවනය වනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ පැවසුවේ කාර්යාල දුම්රියන්හී ගමන් ගන්නා මගී සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එලෙස දුම්රිය කාලසටහන සංශෝධනය කළ බවයි.

මේ යටතේ දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වනු ඇති. එමෙන්ම මුහුදුබඩ මාර්ගයේ ඇතැම් ස්ථාන සදහා වේග සීමාවන් පැනවීමද ඊට තවත් එක් හේතුවක් වනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ පෙරවරුවේ ධාවනය කෙරුණු වේලාවට මිනිත්තු 5ත් 10 ත් අතර කාලයක් අඩුවෙන් කාර්යාල දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරියාවරයා පැවසුවේ.

මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ගය මේවනවිට පවතින්නේ අබලන් තත්ත්වයේයි. ඒ සදහා රේල් පීලි ආනයන කිරීමට දුම්රිය දෙපර්තමේන්තුව අවශ්‍ය කටයුතු සිදුකර තිබෙනවා. නව රේල් පීලි සවි කිරීමෙන් පසු පැරණි වේලාවන් යටතේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.